උදෑසනක මිහිරියාව
- 2019-01-15 16:33:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි පුංචි ගස්වල පිනිබිඳු දැවටීලා
හිරැකුමරා කෙමෙන් කෙමෙන් අහසෙ එබීලා
පුංචි පුංචි කුරැලු පැටව් ගීත ගයාලා
අවදි කරයි අපි ඔක්කොම සතුට බෙදාලා
අපෙ අම්මා ලහි ලහියේ කෑම උයනවා
කොක්කු රූන් වගේ ළමයි පාසල් යනවා
නැන්දා මාමා බෑග් අරං ගමනට යනවා
උදෑසනට හරි කලබල අපට පෙනෙනවා
පුංචි ළමෝ කළෙත් අරං ගඟ දෙස යනවා
කපුටු රූන් කාක් කියා උඩ ඉගිළෙනවා
කුරැලු අම්මා කුරැලු පැටව් කෑම සොයනවා
උදේ සිරියේ අසිරිය අප හට තේරෙනවා
සනුලි සිතුම්යා
7 වැනි ශ්‍රේණිය,
බප/හො/තක්ෂිලා මහා විද්‍යාලය, හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments