2025 මැයි මස 12 ප.ව. 02:12 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
උදෑසනම මල් පිපිලා සුවඳ දැනෙනවා
පුංචි ළමෝ දුව පනිමින් පාසල් යනවා
හිමිදිරියේ සුන්දරබර අරැත කියනවා
කුරැල්ලන්ගෙ කිචි බිචි හඬ අවට ඇසෙනවා
මී මැස්සියො නෙළුම් විලේ නැටුම් පානවා
බිංදු බිංදු මහ පොළොවේ පිනි දිලිසෙනවා
හිමිදිරියේ සුන්දරබර අරැත කියනවා
සමනලයන් එහෙන් මෙහෙන් පියා සලනවා
කුරැලු පැටව් කඩිමුඩියෙන් කෑම සොයනවා
පුංචි පුංචි මල් පිපිලා සුවඳ හමනවා
හිමිදිරියේ සුන්දරබර අරැත කියනවා
චාරැණි තත්සරණි
8 ශ්‍රේණිය,
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |