2025 මැයි මස 07 පෙ.ව. 04:59 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් හිරැ කුමරා එබී බලනවා
නෙළුම් විලේ මල් හෙමිහිට විකසිත වෙනවා
කුරැලු රූන් කිචි බිචි ගා පියඹා යනවා
උදෑසනක අසිරි සිරිය මැවී පෙනෙනවා
ගොවි මහතුන් උදලු අරන් වෙලට බසිනවා
කුමර කුමරියෝ උදෙන් ම පාසල් යනවා
පිපුණු මලේ සුවඳ දසත පැතිරී යනවා
සමනල පැටවුන් මල් පැණි බීමට එනවා
කොට්ටෝරැවා ගස උඩ ඉඳ බෙරය වයනවා
පාන්කිරිත්තා ගස යට නැටුම් නටනවා
පොල්කිච්චා කොහෙදෝ ඉඳ නළා පිඹිනවා
අනෙක් කුරැල්ලන් හැමෝම ගීත ගයනවා
සිහිලානි හංසනා මහින්දසිරි
10 ශ්‍රේණිය,
ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලය,
ගිනිගත්හේන.
![]() |
diary Read more... |