උදෑසන
- 2018-11-02 21:57:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉර මාමා කන්ද උඩින් එබී බලනවා
පුංචි ළමෝ කොක්කු වගේ පාසල් යනවා
කුරැලු අම්මා කෑම සොයා පියඹා යනවා
උදෑසනක අසිරිය මට මෙසේ දැනෙනවා
නෙළුම් විලේ මල් කැකුළියො සිනා සලනවා
බිඟුරුල් හිරැ රුස් නාමින් රහස් කියනවා
වක්කඩ ළඟ දිය කඩිත්ත තාම හැලෙනවා
උදෑසනක අසිරිය මින් වහා කියනවා
කුරැලු රූන් ගුවන පු රා සින්දු කියනවා
මී මැස්සන් මලින් මලට රොන් බී යනවා
සමනලයන් මලින් මලට රහස් කියනවා
උදෑසනක අසිරිය මගෙ හිතේ මැවෙනවා
තීක්ෂා දීපාංජලී
7 ශ්‍රේණිය,ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලය,
වැලිපත,බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments