උදෑසන
- 2017-09-19 18:28:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සඳ කුමරිය ආකාසෙන් සැඟවී යනවා
හිරු කුමරා කඳු අතරින් එබී බලනවා
උදේ පිපුණු මලේ සුවඳ පැතිරී යනවා
අලුත් දිනක් නැවතත් මේ ලොවට ලැබෙනවා
සුදු ඇඳගත් ළමෝ පේළි පාසල් යනවා
කිරිකොක් රෑනක් විදිහට දුරට පේනවා
මල් පෙතිවල පිනි බිඳු ඉර එළියෙ දිලෙනවා
උදෑසනට නව දිනකට ඉර පායනවා
ආකාසේ වලාකුළින් රටා මැවෙනවා
ඕලු නෙළුම් මානෙල් මල් පිපී වැනෙනවා
දෙමාපියන් රැකියාවට යන්න හදනවා
ගහකොළටත් නැවත අලුත් පණක් ලැබෙනවා
හිමන්යා මෙත්යානි ප්‍රේමරත්න
7 ශ්‍රේණිය,
දේවි බාලිකා විද්‍යාය,
කොළඹ 8.
Reply To:
Name - Reply Comment
0 Comments