කවුරුද මං ?
- 2017-09-19 18:21:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇතුළ සීතලයි ඉන්නට මට බැරිය
පිටතින් දෙපැත්තේ හරිහැටි උණුසුම්ය
උඩුකය මගේ හැමවිට අධි සීතලය
මාළු අයිස්කැට එහි වැඩිපුර ඇතිය
එළවළු පලතුරුයි මගෙ යටි කයෙ ඇත්තේ
තට්ටු තට්ටු වශයෙනි දැකගත හැක්කේ
විදුලිය මගිනුයි මගෙ වැඩ සිදුවන්නේ
විදුලිය නැති විටදි නෑ සීතල වන්නේ
අරින විටදි පොඩි එළියක් දිස්වන්නේ
වැහෙන විටදි එම එළිය නැති වී යන්නේ
නරක්වීම සැමදා වළකා ලන්නේ
ශීතකරණය කියලයි මා අමතන්නේ
ජී. රුක්ෂානි ඉමන්තිකා
9 ශ්‍රේණිය,
බප/ජය/මහමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments