කුරිරු ජල කඳ
- 2018-11-11 11:34:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුළඟට එකතුව අඳුරැ වලාකුළු පාවී ආවා අපව සොයා
සිතුවේ නෑනේ අපහට මෙතරම් විපතක් කිසිදින කරයි කියා
ගන්නට බැහැනේ හනිකට සැමදේ ඇඳිවත පමණක් ඇඟේ තියා
අල්ලගන්න වුණි අසුවුණ සැමදේ ජීවිත පමණක් රුකෙයි සිතා
අප රුකගන්නට සිතුවා සැමදෙන එකතුව අප ගැන සොයා බලා
යන්නට නොහැකිව ජල දහරා මැද ආවනෙ ගුවනින් අපව සොයා
පාසල් කඳවුර පිරී ගොසින් අද සැමනෙත් කඳුළින් පුරවාලා
සිතුවේ නෑනේ කිසි ලෙසකින්වත් ජීවිත මෙලෙසින් රුකෙයි කියා
පාසල් පොත්පත් ගලා ගියානේ පොඩිකල පා කළ ඔරැ වාගේ
හදවත කෙලෙසද ඉවසා ගන්නේ පාසල් යන්නට මට බැහැනේ
අඳින්න ගවුමක් මා හට නෑනේ තිබු එක ගවුමත් වතුරෙ ගියානේ
ගුරැතුමි මා හට ඔබව බලන්නට නැවතත් එන්නට බැරි වෙයිනේ
ප්‍රභාෂි චමෝද්‍යා
11 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි
මහා විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments