කුසිනාරාවේ මා සිටියානම්...
- 2018-05-18 22:30:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් පෝය හඳ අහසේ නැගෙන විට
සහසක් පහන්වැටි දැල්වී සැලෙන විට
ලෝකයේ රැදුරැ බව වැඩියෙන් දැනෙන විට
මගෙ සිත ඉගිළේවී කුසිනාරා පුරට
මගෙ බුදු පියාණන් නිවනට වඩිනු කලින්
ඇරයුම් කළා නම් වසවත් මරැට කලින්
තව කප් දහක් කල් අප මුදවන්ට දුකින්
බුදු හිමි ජීවමානව බණ දෙසයි නිතින්
මගෙ බුදු පියාණන් පිරිනිවනට වැඩිය
දා මොහොතෙහි ඉන්ට මා පින් කර නෑ වැඩිය
එදවස ඉන්ට වුණි නම් මගෙ සිත සැටිය
හැඬුමටවත් ඉඩක් මට හිමිවනු ඇතිය
ප්‍රියංකා හිමාලි ධර්මසිරි
8 වැනි ශ්‍රේණිය,
ර/බළ ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහ විදුහල.
Reply To:
Name - Reply Comment
0 Comments