කුසිනාරා නූවර කඳුළින් තෙත් වූවා...
- 2018-05-17 14:19:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුසිනාරා නුවර උපවර්තන උයනේ
අකලට පිපුණු සල්මල් ගැවසුණු සෙවණේ
අවුරැදු අසූවක තම ජීවිත ගමනේ
නැවතුම සනිටුහන් කළ බුදු සමිඳුන්නේ
පන්සාළිස් වසක් ලොව වෙත දම් දෙසුවා
ඒ දම් අසා බොහෝ දෙනා මගඵල ලැබුවා
ලෝ සත අමා දිය දහරින් සැනසූවා
ඔබෙ ගුණ කවිවලට ගෙතුමට මට බැරැවා
සල් මල් සුවඳ, කුසිනාරාවම වෙළුවා
දෙවියන් බඹුන් මල් ඉස ඉස ශෝක වුණා
කුසිනාරා නුවර කඳුළින් තෙත් වූවා
මෙය ඉවසනු බැරිව මහ පොළවත් හැඬුවා
අසරණ වූ අයගෙ පිහිටට ඔබ සිටියා
අසරණ වූ අපට ධර්මය තබා ගියා
ඇති වී නැතිවීම සසරේ උරැමයයි කියා
සම්බුදු සමිඳු සසරින් එතෙරට වැඩියා
ටිෂානි චන්ද්‍රසේකර
9 වැනි ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය,
කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments