Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගංගාවේ අසිරිය

  • 2018-11-19 16:26:06
  • 0 Comments

කඳු මුදුනක ඉපදිලා මං මේ     එන්නේ
කඳු ගැටයේ ඉහළ ඉඳන් බිම     සිපගන්නේ
සුදට සුදේ කිරිපාටට මා     දිදුලන්නේ
ඔබ සැමගේ සිත පිනවන රුඟුම්     පාන්නේ

අතරමගදි සිත් පොලඹන දසුන්     දකින්නේ
ගස් ගල් මාගේ ගමනේ  මැද්දට     එන්නේ
බාධක යැයි ඔබ සිතුවත් මා     නොසිතන්නේ
ගල් පරවල හැපෙමින් මා සිනහ     නගන්නේ

ඔබ සැමදෙන පසුකරගෙන ඇදිලා     යනවා
සොබා දහමෙ අසිරිය මට ඉන්න     කියනවා
නවතින්නට බැහැ දිගටම යන්න     තියෙනවා
සුබ පතලා ඔබහට මම සමුදී     යනවා

කවදා හෝ මහ මුහුදේ පිහිට     පතනවා
ඒ වනතුරැ මා දිගටම ගමනේ     යනවා
අපේ රටේ හැම ගඟක්ම එතැන     තියෙනවා
අප සැම දෙන මහ මුහුදෙදි එකමුතු     වෙනවා

ඉසුරංගි නවෝද්‍යා
12 ශ්‍රේණිය,
බ/පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය,
හැලිඇළ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.