2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 පෙ.ව. 09:41 - {{hitsCtrl.values.hits}}
ලස්සන සුදු මල් පිපිලා සුවඳ හමනවා පුංචි පුංචි සමනලයන් මල් පැණි බොනවා වසු පැටියා එහෙට මෙහෙට දුව දුව යනවා ගම්මානෙක අසිරිය දැන් අපිට පෙනෙනවා
කෙත්වතුවල ගොයම් පඳුරැ හැදිලා තියෙනවා වැවේ විලේ ඉන්න මාළු පිනුම් ගසනවා කීචි බීචි කුරැලු රූන් ඉගිළී යනවා ගම්මානෙක අසිරිය දැන් අපිට පෙනෙනවා
හිරැන් ආලෝක 4 ශ්‍රේණිය, කෑ/දැදි/තිවුල්දෙණිය විද්‍යාලය.