ගමේ සුවඳ

2024 අප්‍රේල් මස 28 ප.ව. 07:08 - {{hitsCtrl.values.hits}}  

කෙත් යායෙන් හමන සුළඟ
දැවටෙයි මගෙ ගත පුරාම
කුඹුර පුරා දිවූ අයුරැ
තවම මතකෙ ඇත්තේ

වෙලේ ගොයම් පාගන විට
ඇඹුල රුගෙන මවත් එක්ක
කුඹුර පුරා දිවුව අයුරැ
මතකෙ රුඳී ඇත්තේ

ගමේ ඉඳන් සිදාදියට
එන විට අපි සියල්ලන්ම
ගමේ සුවඳ එන මතකෙන්
තව තව ළං වෙන්නේ

උදාරි සෙව්වන්දි
10 ශ්‍රේණිය,
බප/හෝ/ පලන්නොරැව මධ්‍ය මහා විද්‍යාලය,
ගෝනපල, හොරණ.

දින පොත