ගලන මැණික
- 2018-04-20 20:43:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල්වන් ජලධාරා ගෙන වඩිනවා තාලෙට
සන්සුන් වී පෙණ කැටි විසුරැණා පහළට
ලැජ්ජාවෙන් වත හංගා හිනැහෙනවා සිතට
පින්වත් ‘මැණිකේ‘ යන්නේ බුත්තල හරහට
දෙවැට දිගෙත් කුඹුක් රාජ කරවා රුකුමට
ගැබ්බර සිත කාවද්දයි පෙන්වා තුටුවට
කෙත් යායට ඔමරි කරයි මඳහස් පැතුමට
හරවයි ඇගෙ වත දේදුනු වන් වු පැහැයට
ගලන මැණිකේ මවා ගනියි කොමළෙට තරහක්
ගස්සයි ඇගෙ දිගු කෙහෙරුළි හරවා වටයක්
ඇගේ ජලය පිස දමාවි වැටෙනා කඳුළක්
අපේ ගමට මැණික් ගඟත් වේවා මැණිකක්
සඳමිණි රවිහංසා සරණසූරිය
10 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments