ගල් වඩුවාණෙනි
- 2018-04-03 11:54:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගල් කටුවට මිටියට බැඳි සුරැවාන
කළු ගල් කුළට බුදු ගුණ කැවු අසමාන
ගිමනට සිසිල අඳුරට සුදු සඳපාන
සේ මම ඔබ දිකිමි මගෙ ගල්වඩුවාණ
පොළොන්නරැවෙ ගල් වෙහෙරෙදි මගෙ මනස
ඔබ ගැන සතුටු වූ බව පවසමි මෙලෙස
රළු කළු ගලට මල් පෙත්තක මුදු මෙළෙක
කා වැද්දවූ විස්කම් ඔබ නැත වාද
අවගුණ මකා මනුගුණ ඔප් නංවන්ට
හැකිකම තිබේ ඔබගේ ගල් කැටයමට
අවුකන සමිඳු පාමුල හිස පා බිමට
මගෙ කුදු බව දකිමි පින් අත්වෙයි ඔබට
ප්‍රියංකා හිමාලි ධර්මසිරි
8 ශ්‍රේණිය,
ර/බල/ආනන්ද මෛත්‍රය ම.ම. වි.
Reply To:
Name - Reply Comment
0 Comments