ගව සම්පත
- 2019-01-18 11:13:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිරිසුදු තණකොළ කාලා මම දිවිය ගෙවන්නේ
තරැණ කලදි ඔබලා මගෙන් වැඩ අරගන්නේ
මට පුළුවන් හැම විටදිම උදවු කරන්නේ
ඇයි මිනිසුනි ඔබලා මේ ගව මස් කන්නේ
තරැණ කලදි මා වෙහෙසා බර වැඩ ගන්නේ
හැම උදෙන්ම ඔබලා හට කිරි සපයන්නේ
කුඹුරැ වැඩට හැම විටදිම උදවු කරන්නේ
ඇයි මිනිසුනි අප මරලා මළකුණු කන්නේ
ඔබට උදවු කළ මා හට මෙලෙසද ඔබ සලකන්නේ
පිරිසුදු සිත් ඇති ඔබහට නැද්ද දුකක් ඇතිවන්නේ
මස් කඩයට දක්කන විට කඳුළු නෙතින් වැගිරෙන්නේ
මළකුණු කා ඇයි මිනිසුන් පව් පුරවා ගන්නේ
සිරිලක් බොදු මිනිසුන්නේ
ඇයි ඔබ මළකුණු කන්නේ
ජීවිත දානය දෙමිනේ
ගව සම්පත සුරකින්නේ
අමන්දා මෙලනි
11 ශ්‍රේණිය,
ගා/ශාන්ත අන්තෝනි නවෝද්‍යා පාසල,බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments