2025 මැයි මස 12 පෙ.ව. 06:32 - {{hitsCtrl.values.hits}}
හිරු දෙවිඳන් දෙස බලලා
උදෑසනින් පිබිදීලා
මව්පිය තෙරුවන පුදලා
යන්නෙමි විදු පියස බලා
පොත් මිටියත් දෑතට ගෙන
පන්තිය වෙත පිය නගලා
ළමයින් හට සෙනෙහස දෙන
සෙනෙහෙවන්ත මගෙ ගුරුමව
ඔබ දුන් අවවාද දිගේ
සැමදා මා ගමන් කළා
ඒ ගමනේ අවසානය
මා හොඳ දරුවෙක් වූවා
ෂෙහානි මන්දිරා
10 ශ්‍රේණිය,
බප/මතු/ මිහිඳු මධය මහා විද්‍යාලය,
අගලවත්ත.
![]() |
diary Read more... |