2025 මැයි මස 12 පෙ.ව. 06:19 - {{hitsCtrl.values.hits}}
ප්‍රතිභාපූර්ණ සිත්තම්කරැවකු විසින්
සිත්තම් කළ කිරි සයුරක් බඳු
ක්ෂිරපථය තුළ
වැලි මිදුලක සේ
කුඩා කුඩා වැලි කැට නම් තාරකා ද
විශාල ගල්කැට සේ ග්‍රහලෝක ද
තැන තැන විසිරී
චමත්කාරජනක තරැ රටා මවමින්
ලොකු කුඩා ජීවය පිරී
ග්‍රහලොවක් සොයි සැරසරණ
යාත්‍රාවන්ට මඟ පෙන්වන සිතියමක් බඳු
තාරකා විද්‍යාව තුළින්
ආලෝක එළි දල්වමින්
ලෝකයා මවිත කරයි
හංසි සෞම්‍යා වීරවංශ
12 ශ්‍රේණිය,
ම/ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට.
![]() |
diary Read more... |