පරිසරය සුරකිමු

2024 අප්‍රේල් මස 28 පෙ.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

පරිසරයෙ ගුණ ගැන ම සැමවිට ම     පැවසුවේ
රටේ වන සම්පතින් අපට සෙත     සැලසුවේ
සොබාදම සැම විට ම අපට සෙත    සැලසුවේ
පරිසරයෙ සිසිලසින් මුළු රට ම     සැනසුවේ

මිල මුදල් අය නොකර අපට සෙත     සදන්නේ
ජීවිතය සුරකින්න මෙලෙස ගස්     වවන්නේ
සිතේ සොම්නස් බවින් වැවූ පැළ     රකින්නේ
රටේ ජීවය තකා පරිසරය     රකින්නේ

හිරැණ දක්ෂිත පින්නගොඩ
8 ශ්‍රේණිය,
ර/බල/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය,
බලංගොඩ.

දින පොත