පිච්චමලේ
- 2018-09-12 16:32:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉනිවැට සඳලුතලේ සරදම් කළ කුමාරියේ
කෝමල පිච්චමලේ මට නොකියා කොහෙද ගියේ
පෙති පරවී තිබුණත් නුඹ සිටියත් මහලු වියේ
සමුගෙන ගියේ ඇයිද මගේ කුසුම් මනාලියේ
තුරැලිය හඬා වැටෙයි අවමගුලක් කමල ලියේ
මොළකැටි මල් පොහොට්ටු මොරදෙනවලු තනිව බියේ
ඉනිවැට ගරා වැටෙයි තෙමී ගිලී කඳුළු දියේ
පාළුව සැමට පුදා ඇයි කමලය පරව ගියේ
තනිකඩ බඹරැ ගී ගැයුවත් ඈත රුයේ
ඒ පෙම් ගී අතර දුක්ගීයකුත් වැයේ
දිනකර නිදා වැටෙන තුරැ දරැවන් නිදන පැයේ
ඉඳහිට පිච්චමල් නටුවෙන් බිමට වැටේ
සමාවෙයන් සුදු කුසුමේ නුඹෙ හසරුල් මැවී පෙනේ
මලේ නුඹව මුනිඳු පුදට ගෙනයන්නට නොහැකි වුණේ
පිපී දිලී බුදු පාමුල හිනැහෙන්නට දිනක අනේ
නුඹ සියපතක් වෙයන් මතු භවයේ පිච්ච මලේ
නිම්මි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/කැල/ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය,
කිරිමැටියාගාර, කඩවත.
Reply To:
Name - Reply Comment
0 Comments