පියෙකුගේ විලාපය
- 2018-12-07 09:57:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුඹේ කරට සිවුරැපොටක් මම දැම්මේ
අසරණකම වැඩි හින්දයි මගේ පුතේ
පන්සල් බිම බෝ සෙවණේ තනි කෙරැවේ
දුක් පීඩා අඩු කරන්න නුඹෙ දිවියේ
කෝම්පිට්ටු දැන් ඉදෙන්නෙ නැති හින්දා
රෑං පෙත්ත මාත් එක්ක තරහවෙලා
බොළඳ වදන් ටිකිරි සිනා ගොළු වීලා
මගේ මුවේ ඇඳි හසරුල් රුගෙන ගියා
කහ සිවුරින් බබළන ඔය රැව දුටුවම
සැනසිල්ලක් දැනෙනවා මගෙ පාළු හිතට
නුඹට කියාදෙන්න දෙයක් මට නැතිකොට
දුන්නා බුදු පුතකු වෙන්න වරම් ඔබට
මගේ කියා කවුරැත් අද මා ළඟ නෑ
වැටිලා ඉන්න මගේ හිසට සෙවණක් නෑ
සසරේ කළ පව් තවමත් ගෙවිලා නෑ
පුතා කියන බණ අහන්න මට පින නෑ
දුල්මිණි කලටුවාගේ
13 ශ්‍රේණිය,
සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය,
පාදුක්ක.
Reply To:
Name - Reply Comment
0 Comments