පොඩි හාමුදුරැවෝ
- 2017-10-06 18:21:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචිකාලේ මවගේ උණුහුම අතරේ
දිවිගෙව් අයුරැ සිහිවේ ජීවන කතරේ
පියතුමගේ අත එල්ලී ගිය නගරේ
සිහිවෙනවද යන සන්සුන් පියවරේ
නිමල සිතින සිවුරැ පොටක් පොරවගෙන
බෝධිය අසල සක්මන් කරන සැමදින
බණ ගාථා කටපාඩමින් කියාගෙන
පන්සල් බිමේ තනියම සෙල්ලම් කරන
ඉඳහිට කරන දඟ වැඩ අතරේ දී ද
තරවටු කරන විට ඔබ සිත රිදුණා ද
අම්මා තාත්තා ඔබහට සිහිවේද
බලා එන්න ගෙදර යන්න සිතුණා ද
ලෂාදි නවින්ද්‍යා
9 ශ්‍රේණිය,
බ/වැලිමඩ විජය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments