බුදු හිමියනි
- 2018-10-01 16:28:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝ සෙවණේ බෝ මළුවට වැටෙනා බෝපතක සිසි
බුදු හිමිගේ බණ පදයක රුඳුණාවූ සුමුදු සුවය
දැනුණා මගෙ පාළු හිතට සැනසුම් සුසුමක් විලසින
වෙන්න ද මම පිපි කුසුමක් හිමි පා පියුමන් අද්දර
මවු සෙනෙහස මා හැරදා සැඟව ගිහින් ඈත දුරක
ඒ සෙනෙහස ලබාගන්න සසරේ කළ පින් මදි තව
වේදනාවෙ දොරගුලු බිඳ මා අද නිරැදක කතරක
බුදු හිමියනි නහවනු මැන අමා දහම් දහරාවක
දරාගන්න බැරි දුක්ගිනි සිඳ බිඳ දා මතු දවසක
එනවා මම හිමි සෙවණට නිවනට යන මග සොයාන
නිවන් සුවය ලබාගන්න පින තියේවි මේ භවයෙම
බුදු හිමියනි සිටියානම් ඔබ තවමත් මේ මිහිපිට
දුල්මිණි කලටුවාගේ
13 ශ්‍රේණිය,
සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක.
Reply To:
Name - Reply Comment
0 Comments