මගේ ගම්මානය
- 2017-10-06 18:27:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ගමේ හැමදාමත් ඉර පායනවා
සමනලයන් තටු විහිදා මල් පැණි බොනවා
කුරැලු රූන් රටා මවා පියඹා යනවා
ගුණ දම් පිරි මගේ ගමේ අසිරි මවනවා
ගම් වැසියන් වැඩපල කරමින් සිටිනවා
ගොවි රාල අපේ ගමට බත් සපයනවා
කඳු කුමරිය ගම වටේට ගම සුරකිනවා
මගේ ගමට සුන්දර ගම නම පැවසෙනවා
වෙල්යායේ බරට බරේ කරල් පිරෙනවා
කොක් හාමිලා සුදට සුදේ පෙනී සිටිනවා
වක්කඩ ළඟ සිරි සිරි ගා වතුර වැටෙනවා
ළමා ළපටි ගමේ පැහැය තව වඩවනවා
විශ්ව සමුජිත වික්‍රමආරච්චි
8 ශ්‍රේණිය,
ගා/ ගෝනගල මහා විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments