2025 මැයි මස 09 පෙ.ව. 05:10 - {{hitsCtrl.values.hits}}
තිත්තමුගුණ වැව වැව් තාවුල්ලේ
හිම දූවිලි සළු පිළි එතුණා
එය නරඹන්නට සුදු කොක් රූනක්
කොට්ටම්බා ගස් මත වැසුවා
මංකඩ ළඟ
ගින්නේරිය මල් නැටුවා
දේදුන්නක් නිල් අහසේ පායා
දාංගලේ මොකදැයි ඇසුවා
ගොඩවානෙන් පිටවෙන සුළු ජලකඳ
දොළ පාරෙන් පහළට වැටුණා
කෙටල ගාලෙ සැඟවුණු කොරවක්කන්
දොළ ඉවුරට විත් ගී ගැයුවා
ඉවුරැ දෙස පිපී වනපස මල්වල
සමනලයන් මල් පැණි ඉරැවා
නොසතුටු කිරළෙක් අහසට නැගලා
ඔන්න හොරෙක් යැයි කෑ ගැසුවා
ජීවක ජීවතරංග ද අල්විස්
9 ශ්‍රේණිය,
ක/කුඩා හීනටියන්ගල සිරිසීවලී මහා විද්‍යාලය.
![]() |
diary Read more... |