රාත්‍රිය
- 2018-09-02 11:46:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා සෙමින් සෙමින් සැඟවී යද්දී
තරැ පිරිවර සෙමින් සෙමින් එබී බලද්දී
සමන්පිච්ච නෙළුම් රෝස මුකුලිත වෙද්දී
සේපාලික කුමරි සෙමින් විකසිත වේවි
රූ යාමේ සඳ කුමරැගෙ රුස් විහිදෙනවා
තරැ කුමරියො වටේ ඉඳන් සඳ සරසනවා
කණාමැදිරි රංචු රංචු රටා මවනවා
රාත්‍රියේ හරි ලස්සන රටා මැවෙනවා
කඩුපුල් මල් රාත්‍රියට විකසිත වෙනවා
රුහැයියන්ගෙ මියුරැ නාදෙ පිළිරුව් දෙනවා
සිසිල දිදී පිනි බිඳු බිඳු කඩා හැලෙනවා
රාත්‍රියම මගුල් ගෙයක සිරිය ගෙනෙනවා
තිනුර සංජිත
6 ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments