2025 මැයි මස 12 පෙ.ව. 06:14 - {{hitsCtrl.values.hits}}
සඳ කුමරිය ගස් අතරින් රුස් විහිදනවා
පුංචි පුංචි තරැ කැට අහසේ දිලිසෙනවා
ගමේ විලේ ඕලු කුමුදු මල් පූදිනවා
මා වවුලන් කෑම සොයා පියඹා යනවා
සඳ කුමරිගෙ රුස් දහරා පැතිරී යනවා
ගස් අතරින් සිසිල් පවන් හමා ඇදෙනවා
නිසල දියේ සුදු පාටින් රටා මැවෙනවා
රාත්‍රියේ අසිරිය සිව් දෙස පැතිරෙනවා
මින්දුලි වීරකෝන්
7 ශ්‍රේණිය,
පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර.
![]() |
diary Read more... |