රාත්‍රි අහස
- 2018-12-10 16:18:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ මාමා අවරදිගින් බැසගෙන යනවා
සඳ මාමා කන්ද උඩින් පායා එනවා
වවුල් රූන් දසත පුරා පියඹා යනවා
බකමූණෙක් අත්තක් උඩ හූම් කියනවා
කඩුපුල් මල් සේපාලික රූට පිපෙන්නේ
ඒවායින් සුවඳ ගලා දසත පිරෙන්නේ
පිච්ච මලුත් ඉද්ද මලුත් විකසිත වෙන්නේ
රූ තිස්සේ සුළං හමා ගත පිනවන්නේ
තරැ කුමරියො සඳ වටකර සතුටින් ඉන්නේ
සඳ කුමරා ලොව පුරාම එළිය බෙදන්නේ
එම එළියෙන් පොකුණු ජලය රනින් දිලෙන්නේ
හමන සීත සුළං නිසා නොයෙක් ගස් සෙලවෙන්නේ
සඳුනි රත්නායක
7 ශ්‍රේණිය,
මහ/ පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments