වනයක අසිරිය
- 2018-09-30 12:09:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් ඉර මාමා එබී බලනවා
ගස්වැල් හැම අහස උසට නැග දිලිසෙනවා
කුරැලු රූන් ගස් අතරින් පියඹනවා
වනාන්තරේ මල් පිපිලා සුවඳ දැනෙනවා
වඳුරැ රංචු ගස් අතරින් පැන පැන යන්නා
දිය පාරේ මාළු පැටවු එබී බලන්නා
කුරැලු රංචු කීචි බීචි සිංදු කියන්නා
මුළු වනයම සුරතලියන්ගේ හඬ පැතිරෙන්නා
ගුවන අරා කුරැලු රංචු පියඹා එනවා
ගස්වැල්වල මල් පිපිලා එබී බලනවා
මොනරැ පැටවු පිල්විදහා නැටුම් නටනවා
වනයේ සිරි හැම මොහොතෙම අපට දැනෙනවා
ප්‍රියභාණි එරන්දතී වීරතුංග
7 ශ්‍රේණිය,
ර/ක/දකුණු ඉවුර විද්‍යාලය,
වැලිපත, බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments