වලාකුළෙන් ගිය ගමනක්
- 2018-01-09 10:55:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙරදා රුයේ කවියක් ලියමින් සිටි මා
ගැස්සී ගියේ සීත යමක් ඇඟ ගැවිලා
වලාකුළක් සිටියා මා දෙසම බලා
ගමනක් යමුද නගින්න යැයි මට කීවා
වලාකුළට නැඟගත් මම හරි සතුටින්
මගේ නිවස ගම් නගරද පසු කරමින්
සීතල වලාවන්, චන්ද්‍රයා, තරැ අතරින්
රිංගා ගියේ මගෙ තිගැස්ම වැඩි කරමින්
පුදුම ලොවකටය මා පැමිණීලා ඇත්තේ
ලස්සන සුරඟනන් උයනේ නටමින් සිත්සේ
සුවඳ රෝස මල් නෙළමින් ගී ගයතේ
මටත් නොදැනිම කාලය ගත වී ඇත්තේ
මා හට යම් දෙයක් ආවේ මතකයට
එකෙනෙහි මා තිගැසුස්ණා ශබ්දයට
අම්මගෙ හඬය මා හට නැඟිටින ලෙසට
මා මේ ගොස් ඇත්තේ සිහිනෙන් දෙව්ලොවට
සසංගි ප්‍රමුදිකා ජයලත්
10 වැනි ශ්‍රේණිය,
රාජකීය ජාතික පාසල,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments