2025 මැයි මස 09 පෙ.ව. 06:26 - {{hitsCtrl.values.hits}}
මුළු අහසම කළු වී යයි
දං ගෙඩියක් වගේ පෙනෙයි
වැහි ලිහිණියො පියඹා යයි
වැස්සක් එක බව පවසයි
ගිගුරැම් හඬ දසත නගයි
වැහි පොද පොද බිමට වැටෙයි
ගඟ පිරිලා ඉතිරී යයි
අප සතුටින් පාරැ පදියි
වැස්ස කෙමෙන් අඩු වී යයි
සුළඟත් දැන් නැති වී යයි
දේදුන්නක් අහසේ පෙනෙයි
වැස්සෙ නිමාවක් ද දකියි
සිතුම් සම්පත් කුමාර
9 ශ්‍රේණිය,
ගා/සාරාලංකාර මහා විද්‍යාලය,
ගෝනපීනුවල.
![]() |
diary Read more... |