2025 මැයි මස 08 ප.ව. 11:42 - {{hitsCtrl.values.hits}}
හෝ හෝ හඬ රුව් දී
මහ සුළඟකි හමන්නේ
අපෙ අම්මා දුවල ඇවිත්
රෙදි ටික ගෙට දමන්නේ
කුරැලු පැටව් කෑ ගසමින්
කැදලි කරා ඇදෙන්නේ
බලු කුක්කන් තෙමිලානේ
වෙව්ල වෙව්ල දුවන්නේ
ඩෝං ඩෝං හඬ රැව්දි
විදුලියකුයි කොටන්නේ
අපි බය වී කෑ ගසමින්
මව වෙතටයි දුවන්නේ
ශෂිකා නිරෝෂිනී
7 ශ්‍රේණිය,
බප/මීග/දළුවකොටුව ශාන්ත ආනා මහා විද්‍යාලය, කොච්චිකඩේ.
![]() |
diary Read more... |