විභාගය
- 2018-12-25 23:15:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදේ පටන් රූ වනතුරැ
කෙරැවත් හොඳහැටි පාඩම්
දෙපා බේසමක ඔබාන
පාඩම් කළ දවස් ගණන්
නිදි වර වර ගණිත ගැටලු
පෙරහුරැ පත් සිය ගණනක්
නිතරම පිළිතුරැ ලියමින්
හොඳට පුහුණු වුණා තමයි
දවසට එක විෂය බැගින්
දින නවයක් ගෙවා ගත්තෙ
පාඩම් කළ හැම දේවල්
හිතට අරන් ලියා ගත්තෙ
...ප්‍රතිඵලමදියි
නැද්ද පාඩම් කළේ....?
අසන විටදි මගෙන්
කුමක් කියන්නද ඉතිං
නිදිවැරෑ හැටි දුක් විඳගෙන
පාඩම් කළ හැටි අඬමින්
දන්නෙ එක් අයෙක් පමණයි
ඒ කවුරැද ? මම ම පමණි
රැක්ෂාණි ඉමන්තිකා
10 ශ්‍රේණිය,
බප/ජය/මහාමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments