විශ්‍රාම යන්නට අවසරයි
- 2018-09-04 19:11:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉස්සර දවස්වල
හයියෙන් හඬලා
අලුයම මුළු ලොවක් පුබුදා
මා කළ රාජකාරිය
අමතකව ඇත මිනිසා ට
ගෙනාවත් එළාම් ඔරලෝසුවක්
තරහ නැහැ මිතුර ඔබ සමග...
ඉස්සර දවස්වන
ගොයම් කපා
අටුකොටු පිරවීමට
උදව් කළා මා
අමතකව ඇති මිනිසාට
ගෙනාවත් කොළමඩින යන්තරයක්
තරහ නැහැ මිතුර ඔබ සමග
ඉස්සර දවස්වල
වංගෙඩිය, නගුල, දෑකැත්ත
කරදුන් රාජකාරිය
අමතකව ඇත මිනිසාට
කොළ මඩිනා අයියේ
බ්ලෙන්ඩර් මල්ලියේ
හීටර් නංගියේ
තරහ නැහැ ඔබලා සමග
ඉතිං දයාබර නවක මිතුරනි
යාමට අවසරයි අපට විශ්‍රාම
කවිඳු නවෝද්‍ය රණසිංහ
ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments