වෙසක් කූඩුව
- 2018-05-17 14:08:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කූරැ කූරැ ගෙන බැඳලා
පාට පාට කොළ අලවා
පේළි පේළි රුලි දමලා
වෙසක් කූඩුවක් හැදුවා
අඹ අත්තක එල්ලුවා
පාට එළිය දැල්වුවා
මගෙ කූඩුවෙ හැඩ බලා
හඳ හාමිත් හිනැහුණා
තදින් සුළං හමන්නේ
මහ වැස්සක් වහින්නේ
මගෙ කූඩුව තෙමෙන්නේ
රුලි ගැලවී වැටෙන්නේ
මට නම් දුක හිතෙන්නේ
හිත හොඳටම රිදෙන්නේ
මොකද ඉතිං කරන්නේ
සසර ඔහොම තමයිනේ
දැහැමි නිමාෂා රත්නායක
4 වැනි ශ්‍රේණිය,
කු/මාවතගම රෝමානු කතෝලික විදුහල,
කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments