සම්බුදු තෙමඟුල
- 2018-05-18 22:33:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිදුහත් කුමරැ බිහිවූවා සල් උයනේ
මහ බඹු ඇවිත් රන් දැලකින් පිළිගන්නේ
සතර වරම් දෙවියෝ ඔහු පිළිගන්නේ
ඉන් පසුවයි මනුලොව අය පිළිගන්නේ
කම්සැප අතැර දුෂ්කර පිළිවෙත ගන්නේ
දුෂ්කර ක්‍රියා අතහැර මැද පිළිගන්නේ
මධ්‍යම ප්‍රතිපදාවෙන් ලොව ජයගන්නේ
එදිනයි සමිඳු සම්බුදු බව ලැබගන්නේ
හතළිස් පස්වසක් තුළ බුදු හිමි දම්දෙසුවේ
බුදු බණ අසා ලෝ සත සසරයි දිනුවේ
බුදු හිමි දෙසූ බණ මී පැණි ලෙස රසවේ
එහිදී දෙව් බඹුන් සහ මිනිසුන් දිනුවේ
බුදු හිමි චාපාල චේතිය පසු කරලා
වැඩම කළේ පිරිනිවනට සිත යොදලා
කුසිනාරාවේ සල් මල් ඇත පරවීලා
අපෙ සම්බුදු පියා දැන් ඇත පිරිනිවිලා
දසුන් මධුශංඛ
9 වැනි ශ්‍රේණිය,
ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments