සැන්දෑව
- 2018-09-12 16:38:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන් හිරැ බැසයන සැන්දෑ යාමේ
අඩ අඳුරයි ලොව ගිලගන්නේ
රැක් අත්තන මල් සුවඳයි සැමවිට
ගම් මැද්දේ දැන් පැතිරෙන්නේ
වැව අඩ අඳුරේ නිසලය ජලකඳ
ඉස්මත්තෙන් වෙල් යාය පෙනේ
සුදු පිරැවට ඇඳි පන්සල පෙනේවි
වවුලන් ඉගිළෙන විට අහසේ
රන් හිරැ දැන් නැත සඳ කොමළිය අර
අහස් කුසේ කිරි පාට අඳී
චංචල ගහ වට සුන්දර වනය ද
අඳුරට බිය වී විඩා හරියි
සුන්දර ගම වට නිසලය සැම තැන
නැත කොයිබකවත් කිසි සද්දේ
ඉඳහිට නද දෙන බස්සෙක් වවුලෙක්
පමණයි පාළුව සිඳලන්නේ
මාධව යශෝද් මිරිහාගල්ල
9 ශ්‍රේණිය,
හේනේගම මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments