2025 මැයි මස 03 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් ඉර මාමා බැහැලා යන්නේ
පාට පාට කුරැලු කොබෙයි ඉගිළී යන්නේ
සමනලයන් මී මැස්සන් ගෙදරට යන්නේ
සැඳෑ ලොවේ අසිරිය දැන් ළඟ ළඟ එන්නේ
කෙමෙන් කෙමෙන් අහසෙ අඳුර පැතිරී යන්නේ
හඳ මාමා සිනා සිසී පායා එන්නේ
සමන් පිච්ච මලේ සුවඳ පැතිරී යන්නේ
බකමූණන් අහස පුරා එහෙ මෙහෙ යන්නේ
වවුලු පැටවු ගසේ ඉඳන් කෑ මොර දෙන්නේ
පුංචි ළමයි එළියට හෙම නෑ නොව යන්නේ
අම්මා මුළුතැන් ගෙට ගොස් කෑම පිසින්නේ
සැඳෑ අඳුර අහස පුරා පැතිරී යන්නේ
හෂිනි පාරින්ද්‍යා
8 ශ්‍රේණිය,
කුලි/සාරානාත් විද්‍යාලය.
![]() |
diary Read more... |