2025 ජුනි මස 27 පෙ.ව. 04:05 - {{hitsCtrl.values.hits}}
වස්සානේ සරදම් කළ කමල කොමළියෝ
ගිම්හානේ තරහ වෙලා සමු අරන් ගියෝ
තුරැ ළමැදේ සිහිල දුන්නු මල් කුමාරියෝ
වියළි පොළොවේ වැළලී ගොස් මැකීලා ගියෝ
දිය දහිරින් වෙහෙස නිවූ වාරි මෑණියෝ
ඉඩෝරයේ ඉකිබිඳිමින් ලෙඩ ඇඳට ගියෝ
කමල සොයා ඇදෙන බඹර කෝඩුකාරයෝ
මල් හා බැඳි හාද කඬා යන්නටම ගියෝ
වස්සානේ ළඟ රැඳුණත් නොයෙක් සාවියෝ
ඉඩෝරයේ කඳුළ පුදා වෙන්වෙලා ගියෝ
ජීවිතයේ මුණ ගැසුණත් මිතුරැ මිතුරියෝ
පාළුව තනිකම පමණයි සැබෑ නෑසියෝ
ෂෙරැණි ප්‍රනාන්දු
9 ශ්‍රේණිය,
ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය,
මොරටුව.
![]() |
diary Read more... |