සැරසෙයි සැණකෙළියට
- 2017-12-08 20:58:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැඟෙයි හිරැ දෙවිඳු උදයත් ගෙන නිතින
පිපෙයි නෙක කුමුදු සුවඳත් ගෙන හමන
පෙනෙයි පිනි බිංදු රුඳි මඳහස් පාන
ඇසෙයි තුට රුන්දු හඬවල් අප සවන
රතු කහ තැඹිලි පට පිළි ආකාසයේ
පාවෙන හැටි හරිම අගෙයි නිරන්තරේ
පුංචි කුරැල්ලනි නුඹ ඔය සැරසෙන්නේ
මොන සැණකෙළියට ද මට නැහැ වැටහෙන්නේ
වලාකුළෙන් කුළට සැංගී කරනා සෙල්ලම්
නිදාගෙනම ආකාසේ ගසනා කරණම්
රසවත් පල පුංචි හොටෙන් භුක්ති විඳිනකම්
බලා හිඳින මටත් ඔයා කතා කළා නම්
සඳමිණි රවිහංසා සරණසූරිය
10 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා ම.ම. විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments