2025 මැයි මස 06 ප.ව. 04:37 - {{hitsCtrl.values.hits}}
ලොවි ගෙඩියක් මෙන් හිරැ යන වේලේ
තිබූ එළිය මුහුදේ සඟවන්නේ
කුරැලු රූන් හට අත වනමින්නේ
ඉහළ අහස් ගැබ සිත් රෑ මැවුණේ
ගස්වල අතු හිරැ දෙසට හැරෙන්නේ
චන්ද්‍ර කුමරැ පිළිගන්නට එන්නේ
හිරැ සැඟවී රූ බෝ වී එන්නේ
මද එළියක් පුන් සඳක් මවන්නේ
තරැ කැට සඳ වටකර දිලිසෙන්නේ
රන් පාටින් දිය කඳ දිස්වන්නේ
හෝ ගාමින් මහ රළ පෙරළෙන්නේ
සුන්දර දසුනක් වෙරළෙ මැවෙන්නේ
ප්‍රශ්මිකා සෙව්වන්දි
9 ශ්‍රේණිය,
ශ්‍රීපාලි විද්‍යාලය,
හොරණ.
![]() |
diary Read more... |