සිනිඳු රෙදි
- 2018-12-12 11:10:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිරිවැඩි සඟලක් නොමැතිව
දෑස අයා ඇඟලුම් වෙත
අන් කිසිවකු හට නොපෙනෙන
රෑරා වැටෙනා කඳුළැලි කම්මුල් වෙත
දැනුණා මගෙ හදට තදින්
නොදැනිම මගේ ගත ඇය ළඟ
වැගිරෙන කඳුළැල් පිසදා
පියමැන සුවිසල් ඇඟලුම් මැදුරට
සියුමැල් දෑතින් අල්ලා
සිනිඳු සේද අතපත ගා
දැත් හනික අහකට ගත්
ඇගෙ සිත මට නම් කිවහැක
මිල අධිකය අපට අකැප
එනිසා රුගෙන දෙමි ඇයහට
සිතැඟි පරිදි සිනිඳු සේල
ඉෂිනි ලක්නා
9 ශ්‍රේණිය,
ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments