Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුන්දර උදෑසනක්

  • 2017-10-11 12:01:26
  • 0 Comments

සූරිය දෙව් ගිර මුදුනෙන් සෙමින් සෙමින් නැග     එනවා
සියොතුන්ගේ මිහිරි නාද දසතම පැතිරී    යනවා
දහස් ගණන් කුසුම් පිපී අවටම සුන්දර     වෙනවා
පුංචි ළමයි කොක්කුන් මෙන් සිප්හල වෙත දුව     යනවා

සූරිය රුස් ගස් අතරින් මිහිකත මත පතිත     වෙනවා
ඒ රුස් පිනි මතට වැටි මුතු කැට මෙන්     දිලිහෙනවා
මී මැස්සෝ රැංරැං ගා පැණි සොයමින්     ඉගිළෙනවා
ගොවි මහතුන් උදලු රුගෙන කුඹුරැ වෙතට     පිවිසෙනවා

වැඩිහිටියන් තම තමන්ගෙ වැඩ හනිකට     කරනවා
ගොපලු කොලුවො තම ගවයන් තණ කෑමට ගෙන     යනවා
කුරැල්ලන්ද කෑම සොයා ඈත අහසෙ     ඉගිළෙනවා
සුන්දර උදයක අසිරිය මෙලෙස අපට     පෙනෙනවා

හසිනි ෂෙහාරා
6 ශ්‍රේණිය, කො/දේවි බාලිකා විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.