සුන්දර දෙරණයි

2024 අප්‍රේල් මස 28 පෙ.ව. 10:39 - {{hitsCtrl.values.hits}}  

හෝ හෝ හඬින් නිති සැලෙනා සයුර මැද
වීය පුංචි මුතු ඇටයක් පසිඳු වුණ
ඇළ දොළ වේලි ගංගා සහ මැණික් සොඳ
මතුවුණි ලක්බිමේ සරැපස අතර සිට

පුරන් අප්පු ගැමුණු රජුන් පහළ වුණ
වීරයන්ගෙ පින්බිම මේ ලක් දෙරණ
ලෝකෙ දිනූ දූ පුතුන්ගෙ උපන් බිම
පෙරදිග මුතු ඇටය ලෙස ලොව පසිඳු වුණ

කුඹුරැ වගාබිම් ජලයෙන් පුරවන්ට
මහ වැව් ඇළ දොළත් ඇත මෙහි දස අත ම
මෙබඳු උතුම් සිරියෙන් ලොව පසිඳු වුණ
පුංචි දිවයිනක් ඇත මහ සයුර මැද

 

රිවිනි දහම්සා
7 ශ්‍රේණිය,
විහාරමහාදේවී බාලිකා විද්‍යාලය,
කිරිබත්ගොඩ.

දින පොත