සුරතල් මල්ලිට
- 2019-01-21 14:51:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිනිඳු මොළකැටි සිඟිති ඒ වත
අත දිගු කරමින් මා අමතනු ඇත
පාළුව ගොස් අද සතුටු ගඟුල මත
සොහොයුරැ සෙනෙහෙන් කවි ලියවෙනු ඇත
වදන්වලට සුරතල්කම මුසුකොට
වදන් පෙළක් හරවයි ගී වැලකට
සුරතල් කෙළි ගී වැටි මගෙ සවනට
මලණුවනි කවි සිතිවිලි එයි සිතට
සිතුණු විටක මට තරහක් ගේන
නැවතත් මා වෙත සිනහව ගේන
බය නැති දඟ ලොව ගෙනහැර පාන
ඔබ කවියකි දිවි පවනේ ගැයෙන
උදානි ආශිංසනා හේරත්
10 ශ්‍රේණිය,
බප/පිළි/බෞද්ධ බාලිකා විද්‍යාලය, ගල්කිස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments