සුළං කුමරි
- 2018-09-04 19:07:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුළං කුමරි ඇවිදින් සුළඟ ෙදන්නේ
තුරැ ලතා එයයි සංගීතය කියා නටන්නේ
වැස්සට පෙර නිමිත්තක් ද කියා සිතෙන්නේ
සොබාදමේ සිරියාවයි මවා පාන්නේ
කොහෙදෝ මේ සුළංකුමරි සැඟව සිටින්නේ
කවුද අපට ඒ ගැන තව කියලා දෙන්නේ
ඔබ ඉන්නා තැනක් අපට කියා එවන්නේ
අපි එන්නම් ඔබව බලන්නට සතුටින්නේ
සළඟක් වි අපේ ගතට සිසිලක් දෙන්නේ
ඔබව මැවූ සොබාදහම හරි පුදුමයිනේ
පුංචි පුංචි සුළං කැරලි ළඟ ළඟ එන්නේ
සුළං පැටවු දුවන විටදි ආසා හිතෙන්නේ
හරිනි තූර්යා නිම්නාදි
8 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments