2025 මැයි මස 09 ප.ව. 04:14 - {{hitsCtrl.values.hits}}
ඉංජිනේරැවරැ සිටිති
වඩුවන් නොදෙවෙනිව ඇති
මේසන්වරැ වැඩ කරති
ලොකු නිවසක් ඉදි කරති
වන තුරැලිය අඩු වන්නේ
එනමුදු පැළ නොමවන්නේ
වැසි දෙව් අප හැර යන්නේ
කාන්තාර බිහිවන්නේ
සියොත් කැලේ රඟ බලන්න
සරල චාම් බව විඳින්න
වටපිටාව සුරුක ගන්න
ඔවුන්ගෙ පාඩම අහන්න
කුරැලු කූඩු තුටු ගෙනදේ
සාමය නිතැතින් ම ලදේ
කුමන නිවස සැප නිබඳේ
සිතා බලනු මැන සබඳේ
ඉමල්කා සිළුමිණි
10 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය,
පානදුර.
![]() |
diary Read more... |