2025 මැයි මස 11 පෙ.ව. 11:51 - {{hitsCtrl.values.hits}}
කඳු මුදුනින් හිරැ පායා ගම්මානය එළි වුණා
ලස්සන කුසුමන් පිබිදී පරිසරයම දිලිසුණා
සමනලයන් මී මැස්සන් මල්පැණි බොන්නට වුණා
පුංචි පුංචි පිනිබිඳු මුළු මිදුල පුරා විසිරැණා
වෙල්යායේ නියර දිගේ ඇවිදන් යනවා
සීතල පිනිබිංදු මගේ දෙපය පුරා තැවරැණා
මීදුම පිරිලා දසතම දුමාරයෙන් පිරී ගියා
කුරැලු රූන් කෑම සොයා දස අත ඉගිලී යනවා
කොක් රූනක් මෙන් ළමයින් පාසල් යන්නට වුණා
හිරැ රශ්මිය ටික ටික වෙල මැද්දට එන්නට වුණා
උදලු කරට ගත් ගොවියෝ කුඹුරැ වැඩට යොමු වුණා
උදෑසනක අසිරිය වෙල් යායට අත්පත් වුණා
නෙත්මි කවීෂා බණ්ඩාර
9 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |