හිමිදිරි උදයේ අසිරිය
- 2019-01-18 14:15:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කඳු මුදුනින් එබී බලනවා
පුංචි පුංචි මල් කැකුළුත් විකසිත වෙනවා
පාට පාට කුරැලු රංචු පියඹා එනවා
මේ හැම දේ උදෑසනම හැඩ කර දෙනවා
ගිං ගඟ කොමළිය පහතට ගලා බසිනවා
කුඹුරැ යාය සහ කෙත් වතු සරැකර දෙනවා
පින්න වැදුණු ගොයම් කෙතම මුකුලිත වෙනවා
මගේ පුංචි ගමේ උදය මේ ලෙස රඟ දෙනවා
කුඩා ළමයි නියර දිගේ පාසල් යනවා
දං බෝවිටියා කඩමින් උන් දිව යනවා
විලේ පිපුණු මානෙල් මල් නෙළමින් යනවා
හිමිදිරියේ අසිරිය මේ ලෙසට කියනවා
කවීෂ තරැ කැලුම්
10 වැනි ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විදුහල,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments