හිමිදිරි කුමරිය
- 2018-09-28 10:53:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සූරිය කුමරැව ඈ පුබුදන්නිය
කඳු මුදුනින් ඈ සිනා සලන්නිය
මඳනල සමගින් කතා කරන්නිය
සඳසාවිය ඈ තනි කරලන්නිය
විකසිත කුසුමින් මිහි සරසන්නිය
නිලුපුල් මානෙල් විල් සරසන්නිය
මොනර රුඟුම්වල පහස විඳින්නිය
කුමුදු කඩුපුල් නිදි කරලන්නිය
මිහිකත සැණකෙළි සිරි ගන්වන්නිය
නිදි සළු අතරින් එබී බලන්නිය
ඇගේ රෑ සපුවෙන් වසඟ කරන්නිය
සඳ අමතක ඇයි හිමිදිරි කුමරිය
උදානි ආශිංසනා හේරත්
10 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments