ජාත්‍යන්තර ශිෂ්‍ය කව තරගාවලිය - කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ ගුරැ සිසුහු ජ්‍යෙෂ්ඨ අංශයේ විශිෂ්ට

2025 මැයි මස 12 පෙ.ව. 07:20 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ශිෂ්‍ය කව තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ විශිෂ්ට සම්මාන හතරක් ලබාගත් කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ ගුරැවරැන් හා සිසුසිසුවියන් පිළිගැනීම කෑගල්ල නගරයේදි සිදුවිය
බංග්ලාදේශයේ දී පැවති මෙම තරගාවලිය සඳහා රටවල් දොළහක පාසල් හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ගුරැවරැන් 2500කට අධික පිරිසක් සහභාගී විය.  වයස් කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්විණි. 
වයස 1සිට 5 දක්වා, 6සිට 10,සහ 11න් ඉහළ විශ්වවිද්‍යාල මට්ටම දක්වා ඉසව් හයක් යටතේ තරග පැවැති අතර කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ ගුරැවරැන් හා සිසුන් ජ්‍යෙෂ්ඨ තරග පහකට සහභාගි වෙමින් ඉන් තරග හතරකම විශිෂ්ට සම්මාන හතරක් දිනාගනිමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වී ඇත.
ඔවුන් පෙරහරින් පාසලවෙත කැඳවාගෙන යාම සිදුවිණි.  මෙම අවස්ථාවට විදුහල්පති කේ. ඩී,වසන්ත කුමාර,ගුරැවරැ, මාපියෝ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ගලිගමුව රොහාන් කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...